ශ්‍රී ලංකන් සේවකයන් සඳහා සියයට 2.5 ක සිට සියයට 25 දක්වා මාස තුනක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරිමක් පැනවීමට ශ්‍රී ලන්කන් සමාගම තීරණය කර තිබේ.
එසේම 2020 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමටත කටයුතු යොදා තිබේ.
“ගුවන් සේවයේ ප්‍රධාන සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරමින් ගෙවීම් කල් දමා ගැනීමට සහ අඩු කිරීම් සිදුකර ගැනීමට මෙන්ම දිගින් දිගටම නව ව්‍යාපාරික අවස්ථා සොයන අතරම අනෙකුත් පිරිවැයන් අවම කර ගැනීමට කටයුතු කරමින් ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකන් කළමණාකාරිත්වය සෑම උත්සාහයක්ම දැනටමත් ගෙන තිබේ.” යැයි ගුවන් සේවයන නිවේදනය කරයි.
නව කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් සමාගම සඳහන් කරයි.
සමාගමේ කළමණාකාරිත්වය ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවත් ගුවන් සේවයේ ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීම සඳහා කටයුතු කරන බවත් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.